රැදවියන් 5000ක් රැකියා නියුක්තිකයින් කිරීමේ වැඩපිළවෛල ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – බන්ධනාගාර රැදවියන් 5000ක් පුනරුත්ථාපනය කර රැකියා නියුක්තිකයින් බවට පත් කර සමාජ ගත කිරීමේ වැඩ පිළිවෙළ ආරම්භ කිරීම අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) බන්ධනාගාර මුලස්ථානයේදී සිදු විය.

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා ඇවන්ගාර්ඩ් සමුහ ව්‍යාපාරය එක්ව මෙම වැඩසටහන දියත් කරනු ලැබේ.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ,අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබිලිව්.තෙන්නකෝන්, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක, ඇවන්ගාර්ඩ් සමුහ ව්‍යාපාරයේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන් ද මෙහිදි අදහස් දැක්වීය

කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ සෞඛ්‍ය දේශිය වෛද්‍ය ඇමතිනි පවිත්‍රා වන්නි ආරච්චි,සංචාරක රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ ,ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න ,මාර්ෂල් ඔෆ් ද එයාර් පෝස් රොෂාන් ගුණතිලක, අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරුන් ඇතුළු බන්ධනාගාර රැදවියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *