ආයෝජනයට සුදුසුම රට ශ්‍රී ලංකාව කිරීම අභිප්‍රායයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –ආයෝජනයට සුදුසු හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි.

පරිසරය ආරක්ෂා කරමින්, රට සංවර්ධනය කෙරෙන ක්‍රමවේදයකට නීතිමය පසුබිම සැකසිය යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි.

පරිසර සහ වනජීවි අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමඟ ඊයේ(18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

නීති-රීති, අණ පනත් සහ රෙගුලාසි වර්තමානයට ගැළපෙන අයුරින් සංශෝධනයට සියලු ආයතන එක්ව ක්‍රියා කළයුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් අතර පරිසරය ආරක්ෂා කරගෙන ජනතාවට ප්‍රතිලාභ ගෙන දෙන ක්‍රම සැලසුම් කිරීම නිලධාරීන්ගේ වගකීමක් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *