රටට අහිතකර ජිනීවා යෝජනා 02කින් රජය ඉවත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –පැවැති යහපාලන රජය විසින් ජිනීවා ජගත් මානව හිමිකම් කොමිෂන් සභාවේ දී සම අනුග්‍රාහකත්වය දක්වන ලද 30-1 සහ 40-1 යෝජනා දෙකෙන් වහාම ඉවත් වීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙරේදා(17) දිනයේ ජනාධිපති කාර්යාලයේ කැඳවන ලද විශේෂ රැස්වීමකදී මේ තීන්දුව ගෙන තිබෙන අතර එම හමුව සඳහා විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඇතුළුව මැති ඇමැතිවරුන් පිරිසක් ද සහභාගි වී සිටියහ.

මෙම යෝජනා දෙක ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයේ දේශපාලන ප්‍රතිපත්තියට නොගැලපෙන නිසා එම යෝජනාවලින් ඉවත්විය යුතු යයි මේ සාකච්ඡාවේ දී තීරණය කර තිබෙන අතර 2015 සහ 2016 වසරේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව සඳහා ශ්‍රී ලංකා රජය සම අනුග්‍රාහකත්වය ලබා දී ඇත්තේ එම යෝජනා පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව ද අනාවරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *