මොහිදීන් බෙග් වෙනුවෙන් සමරු මුද්දරයක්

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ මුද්දර දැක්ම අද (20) සිට ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව 2020 වසරේ ප්‍රථම කොළඹ මුද්දර දැක්ම හා ප්‍රදර්ශනය අද සිට ලබන 23වනදා දක්වා පෙ.ව. 9.00ට ප.ව. 6.00 දක්වා තැපැල් මූලස්ථානයේදී පැවැත්වේ. දෙස් විදෙස් මුද්දර, මුල්දින කවර, සිහිවටන පත්‍රිකා, කාසි, නෝට්ටු ආදී දෑ දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙන බව මුද්දර කාර්යාංශය සඳහන් කරයි.

එහිදී ගායක මොහිදීන් බෙග් වෙනුවෙන් මුද්දරයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව මුද්දර කාර්යාංශය පවසයි.

මෙහිදී 2020 වර්ෂ සැමරුම් මුද්දරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතගේ ප්‍රධානත්වයෙන් නිකුත් කිරිමට නියමිතව තිබේ. ඒ 2020 වර්ෂය විශේෂිත වර්ෂයක් ලෙස ලොවම සලකන හෙයිනි. ඒ අනුව අද පැය 20.20 තත්පර 20ට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී නිකුත් කෙරේ.

හරිත ලෝකයක් අපේක්ෂාවෙන් 2020 වසරේ සිට රට තුළ ගොඩනැගෙන තිරස සංවර්ධනය මෙම මුද්දරය තුළින් ලොවට ගෙනයෑමට තැපැල් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *