උමාර් අක්මාල්ට ක්‍රිකට් තහනමක්

(කොළඹ, ලංකාපුවත්) – වහාම ක්‍රියාත්මක වන පරිදි පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක උමාර් අක්මාල්ට ක්‍රිකට් තරග තහනමක් පනවා ඇත.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් දූෂණ විරෝධී නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත මෙම පියවර ගෙන තිබේ. ඊයේ(20) දිනයේ දී පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම තීරණය නිවේදනය කරනු ලැබීය.

අදාළ තහනම යටතේ උමාර් අක්මාල්ට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කිසිදු කටයුත්තක නියැලීමේ අවස්ථාවක් හිමි නොවේ.

කෙසේ නමුත් ඔහුට එල්ල වී ඇති චෝදනා කිසිවක් පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් මෙතෙක් හෙළි කර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *