පාසල් අධ්‍යාපන චාරිකා පිළිබද නව නීති

(කොළඹ, ලංකාපුවත්) – පාසල් ළමුන් අධ්‍යාපන චාරිකා සදහා යොමුකරවීමට අදාල නව නිති ඇතුලත් චක‍්‍රලේඛකයක් නිකුත් කිරිමට තීරණය කර තිබේ.

පාසල් ප‍්‍රධානීන්ට එය යොමුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිලිබද අතිරේක ලේකම් ආර් එම් එම් රත්නායක මහතා සදහන් කළේය.

කන්තලේ ගෝමරන්කඩවල මැදවච්චිය වැවේ දියනෑමට ගොස් සිටියදී සිසුන් සිව් දෙනෙකු පසුගියදා මියයාම පිළිබදවද විමර්ෂණයක් සිදුකෙරේවා. ඒ තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මඟිනි.

ඔවුන් අද ස්ථානීය පරික්ෂාවක් සිදුකරන බව අමාත්‍යාංශය සදහන් කළේය. විමර්ෂණයෙන් පසු සකස් කරන වාර්තාව දින 14 ක් ඇතුලත ඌව පලාත් ආණ්ඩුකාරවරයාට භාරදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *