හොරණ වෙඩි තැබීමක් – අයෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –හොරණ පොලිස් වසමේ ඉළිඹ කඳන මාර්ගයේ ඉළිඹ ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. වෙඩි තැබීම සිදුව ඇත්තේ ඊයේ (24) රාත්‍රී 9.30ට පමණ බව පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසය සදහන් කළේය.

මියගිය පුද්ගලයා 32 හැවිරිදි හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම වෙඩි තැබීම සිදුවීමට පෙර එම මාර්ගයේම කිලෝ මීටරයක් පමණ දුරින් මාර්ගයේ නවතා තිබූ ත්‍රිරෝද රථයකට හා ඒ අසල නිවසකට ද යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබේ.

හොරණ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *