ඇමති බන්දුලගෙන් විපක්‍ෂනායකට අභියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) –අතුරු සම්මත ගිණුමට කරන ලද සංශෝධන සම්මත කිරීමට ඉඩ නොදීමෙන් සිය පාක්ෂිකයන්ගෙන් එල්ල වන චෝදනා මගහැරීමට රජය පසුගිය මාස තුනේදි රුපියල් බිලියන 600ක් විනාශ කර ඇති බවට විපක්ෂ නායකවරයා කරන චෝදනාව හැකි නම් ඔප්පු කරන ලෙස උසස් අධ්‍යාපන, තාක්ෂණ නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විපක්ෂ නායකවරයාට අභියෝග කර සිටි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ(24) පැවැති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මෙම අභියෝගය ඉදිරිපත් කළ අතර වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම් අඩු කිරීමට ප්‍රායෝගිකව කටයුතු කළ බව පෙන්වා දුන්නේය.

අමාත්‍ය මණ්ඩලය අඩු කිරීම, අමාත්‍ය කාර්ය මණ්ඩලය අඩු කිරීම, ජනාධිපති හා අගමැති ආරක්ෂක නිලධාරීන් අඩු කිරීම, උත්සව සංදර්ශන නැවැත්වීම සහ අනවශ්‍ය ප්‍රචාරණ වියදම් කපා හැරීම, විදේස් සංචාර සීමා කිරීම, රාජ්‍ය නිලධාරින්ගේ බඳවා ගැනීම, උසස් කිරීම් නතර කිරීම යනාදී සිදු කර තිබියදී බිලියන ගණන් මුදල් වියදම් කළ බවට කුමන ආකාරයෙන් චෝදනා එල්ල කරන්නේද යන්න ගැටලු සහගත බව අමාත්‍යරවයා ප්‍රශ්න කර සිටියේය.

එසේම පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනා දෙකෙන් සංවර්ධන යොජනාවට එකඟ වූ බවත් ණය යෝජනාව පමණක් විරුද්ධ වූ බවට විපක්ෂ නායකවරයා ඉදිරිපත් කරන චෝදනාව අතිශය සාවද්‍යයි.

එදින පාර්ලිමේන්තුවට යෝජනා දෙකක ඉදිරිපත් නොකළ අතර එදින අතුරු සම්මත ගිණුමට යෝජනා දෙකක් ඉදිරිපත් කළ බවත් මෙම අතුරු සම්මත ගිණුමෙන් යෝජනා කරනු ලැබුවේ 2019 වර්ෂය සඳහා මුදල් යෝජනා අනුමත කර ගැනීම බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නව රජය බලයට පත්වීමෙන් පසු 2020 වර්ෂය සඳහා කරනු ලබන වියදම් සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමේ වගකීම මුදල් අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍යවරයා සම්පූර්ණයෙන් බාර ගෙන ඇත.

ඒ අනුව එම ගෙවීම් සඳහා ණය සීමාව වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට කටයුතු කළේ 2019 වර්ෂයේදී ලබා දෙන ලද කොන්ත්‍රාත් සහ සැපයුම්කරුවන් පත්ව සිටින දැඩි අපහසුතාවයන් සඳහා සහන සැලසීමට බව ද ඒ මහතා පැවසීය.

මෙම මුදල් නොලැබීමෙන් සැපයුම්කරුවන් ණයවරය විවෘත කිරීමෙන් පසු එම ණයවර ගෙවීමෙන් පසු නැවත ණයවර විවෘත කිරීමක් සිදු වන බැවින් මෙම තත්ත්වය තුළ ණයවර විවෘත කළ සැපයුම්කරුවන්ට එම ණයවර ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

මෙම වසරේ අප්‍රේල් 30 වැනිදා දක්වා අතුරු සම්මත ගිණුමෙන් රජයේ වියදම් සඳහා මුදල් වෙන් කර තිබෙන අතර මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ විට රජයේ කටයුතු කරගෙන යාම වෙනුවෙන් මාස 3ක් සඳහා ජනාධිපතිවරයාට මුදල් වෙන් කර ගැනීමට හැකි වන බැවින් අතුරු සම්මත ගිණුමේ කාලය අවසන් වුවද මැතිවරණ කාලය තුළ ජනාධිපතිවරයාට පැවරෙන බලතල අනුව නව අයවැයක් ඉදිරිපත් වන තෙක් රාජ්‍ය මූල්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහා බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 144 වැනි වගන්තිය තුළින් හිමි වන බව ද ඒ මහතා සඳහන් කළේය.

ප්‍රායෝගක යථාර්ථය දකින ලෙසත් වැරදීමකින් වුවද එය නිවැරදි කර ගැනීමට කතානායකතුමා සමඟා කතා කර පාර්ලිමේන්තුමේ අතුරු සම්මත ගිණුමේ යෝජනා සම්මත කරදීමට කටයුතු කිරීමට කාලය තිබෙන බවත් එසේ සිදු කළ විගස කොන්ත්‍රාත්කරුවන් සඳහා ප්‍රමාදයකින් තොරව ගෙවීම් සිදු කිරීමට හැකි බවත් අමාත්‍යරවයා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෙට දිනයේ තමා කතානායකවරයා හමුවීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *