ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

(කොළඹ, ලංකාපුවත්) –හෙට(26) පෙරවරු 09.00 සිට අනිද්දා අලුයම 03.00 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

ජාඇල, කටුනායක, සීදූව, ඒකල, කදාන, ආනියාකන්ද, බටගම, තුඩැල්ල, නිවන්දම, මාඑලිය, කෙරවලපිටි, මාටාගොඩ, වැලිසර, මාබෝල, ඇලපිටිවල, මහබාගේ, දික්ඕවිට, උස්වැටකෙයියාව,පමුණගම සහ බෝපිටිය එසේ ජලසැපයුම් අත්හිටුවන ප්‍රදේශ වේ.

කැළණිය ප්‍රදේශයේ අතවශ්‍ය වැඩි දියුණු කිරීමක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *