ජර්මනියේ වීදියක මිනිසුන් අතරට මෝටර්රථයක් ධාවනය කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) –ජර්මනියේ වීදියක මිනිසුන් අතරට මෝටර්රථයක් ධාවනය කිරීමෙන් පුද්ගලයන් 30දෙනෙකු තුවාල ලබා ඇත. මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සැක කෙරේ.

මෝටර්රථය සැණකෙළියක් පැවැත්වෙන ස්ථානයකට යමින් සිටි පිරිසක් වෙත වේගයෙන් ධාවනය කර තිබේ. තුවාලලැබූවන් අතර කුඩා දරුවන් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඔවුන්ගෙන් ඇතැමෙකුගේ තත්ත්වය බරපතල බවද සදහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් 29 හැවිරිදි ජර්මන් ජාතිකයෙක් අත්අඩංගුවවට ගෙන තිබේ. මිනී මැරීමට තැත් කිරීම යටතේ ඔහුට චෝදනා ගොනු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *