ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරියට ගෙන යන බව අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – මැතිවරණයෙන් තුනෙන් දෙකක ජයගහණයක් හිමිකර ගැනිම සදහා සන්ධානගත වීම විශාල ශක්තියක් බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පළමු විධායක සභා රැස්වීම අමතමින්ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා , හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ ශ්‍රී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපතිතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ඉදිරියට රැගෙන යාම මූලික අපේක්ෂාවකි. එම වැඩපිළිවෙලට සියලු දෙනාගේ සහයෝගය හිමිවිය යුතු බව අග‍්‍රාමාත්‍යවරයා එහිදි පෙන්වා දුන්නේය.

බැසිල් රාජපක්ෂ මහතා ද එම අවස්ථාවේදි අදහස් පළකළේය. ශක්තිමත් දේශපාලන ගමනක් සදහා නව සන්ධානය කටයුතු කරන බවයි බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ප‍්‍රධාන පක්ෂ නවයක් සන්ධානයට එක්ව සිටියේය. නව දේශපාලන පක්ෂ පහක් ඊට ඇතුලත් කර ගැනිමේ යෝජනාවට ද විධායක සභාවේ අනුමැතිය හිමිවිය.

ඊළාම් ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදිය පක්ෂය , ලංකා කම්කරු කොංග‍්‍රසය , ජාතික කොංග‍්‍රසය , දමිළ මහජන විමුක්ති පෙරමුණ හා එක්සත් මහජන පක්ෂය අලුතින් සන්ධානයට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *