අධික රස්නය තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) – මේ දිනවල සිරුරට දැනෙන රස්නය අද(28) දිනයේදීත් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පෙබරවාරි අග කාලගුණික තත්වය අන්තර් මෝසම් තත්වයට පරිවර්තනය වනු ඇත. එහිදී, මෙම අධික රස්නය තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ පවතින වියළි කාලගුණ තත්වය සහ අධික උණුසුම අප්‍රේල් අග දක්වා පවතිනු ඇත. හෙට දිනයේ ද උණුසුම් කාලගුණ තත්වයක් පැවතීම, මිනිස් සිරුරට බලපෑමක් විය හැකි බව, කාලගුණ විද්‍යාඥයින් පවසයි.

වායු ගෝලයේ පවතින සුළං මට්ටමේ අඩුවීම නිසා උණුසුම් කාලගුණික තත්වයක් ඇතිව තිබේ. උණුසුම් සහිත කාලගුණ තත්වය අද වයඹ සහ බස්නාහිර පළාත්වලටත්, මන්නාරම, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලටත් වැඩි වශයෙන් බලපානු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *