ස්ථිර නොකළ දුම්රිය දෙපාර්තමේන්තුවේ 1200කට පත්වීම් ලිපි

(කොළඹ, ලංකාපුවත්) – 2013 – 2014 වර්ෂ වලදී දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගත් (අනියම් ආදේශක, තාවකාලික සහ කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත්) මෙතෙක් ස්ථිර නොකළ සේවකයින් 1200කට ස්ථිර පත්වීම් ලබා දීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ යටතේ එම සේවකයින්ට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (28) දුම්රිය දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රදානත්වයෙන් මෙම පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරුණි. එම අවස්ථාවට දුම්රිය රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතාත් අතිපුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේත් සහභාගී වුහ.

මෙම සේවක පිරිස වසර 5ක් තිස්සේ තමන් ස්ථිර කරදෙන ලෙස ඉල්ලා සිටියත් පසුගිය රජය විසින් එම පිරිස ස්ථිර කිරීමට පියවර ගෙන නොතිබුණු අතර, එහෙත් වත්මන් රජයේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව අමාත්‍ය මණ්ඩලය විසින් ඊට අනුමැතිය ලබා දෙන ලදී.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ වෙනත් රජයක් පැවතියේ නම් කිසිම විටක මෙම කණ්ඩායම ස්ථිර කරනවා වෙනුවට ඔවුන් සේවයෙන් ඉවත් කිරීමට ඉඩ තිබු අතර, එහෙත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් මෙම කටයුතු සඳහා මැදිහත්ව මෙම සේවක පිරිස් ස්ථිර කිරීම සඳහාත් කටයුතු කළ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *