කොරෝනා ආසාධිතයෙක් පළමු වරට නවසීලන්තයෙන්

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරස ආසාධිතයෙකු පළමු වරට නවසීලන්තයෙන් සොයා ගෙන තිබේ.

එරට අගු‍්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් ඒ බව නිල වශයෙන් දැනුම්දුන් බව විදෙස් ප‍්‍රවෘත්ති වාර්තාවල සදහ් වේ. මාස කිහිපයක් ඉරානයේ රැදී සිටි මෙම පුද්ගලයා නවසීලන්ත ජාතිකයෙක් ලෙසයි තහවුරු කරගෙන තිබේ.

මේ අතර ලිතුවේනියාවෙන්ද කොරෝනා වෛරස ආසාධිතයෙකු හදුනාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට කොරෝනා හෙවත් කොවිඩ් නයිටීන් වෛරසය රටවල් 50 ක පැතිර ගොස් තිබේ. ආසාදිත සංඛ්‍යාව අසූ දහස ඉක්මවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි. මියගිය සංඛ්‍යාව දෙදහස් අටසියය ඉක්මවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *