අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක්

(කොළඹ, ලංකාපුවත්) – අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම පිළිබදව වු අවශ්‍ය මුලික පියවර ගෙන තිබෙන බවත් ඒ සදහා රුපියල් මිලියන 6500 ක් වැය වන බැවින් පළමුව එය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන බවත් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

සිංගප්පුරුව මැලේසියාව වැනි රටවල පවතින අධිකරණ පද්ධති ක්‍රමවේද පිළිබදව අවධානය යොමු කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

ඔහු මෙම අදහස් පල කළේ අනුරාධපුර මහාධිකරණ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද(02) පෙරවරුවේ එක්වෙමිනි.

අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාදය අවම කිරීමට මානව සම්පත වැඩි කළ යුතුයි.ඒ සදහා අවශ්‍ය පියවර ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ගන්නවා.මේ වන විටත් මහෙස්ත්‍රාත්වරුන් 20 දෙනෙකු බදවා ගැනීමට පියවර ගෙන තිබෙනවා.අපි නඩු ප්‍රමාදය අවම කිරීම සදහා සමථ මණ්ඩලවලට ලබා දෙන බලතල වැඩි කළ යුතු බවත් සමථ මණ්ඩල වල මුල්‍ය සීමාව රුපියල් මිලියන 20 දක්වා වැඩි කරන බවත් අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 13 =