(කොළඹ, ලංකාපුවත්) – චීනයේ වායු දූෂණය සැළකිය යුතු අන්දමින් පහළ වැටී ඇති බව නාසා ආයතනය අනාවරණය කරයි.
COVID-19 ව්‍යප්ත වීමත් සමග චීනයේ කර්මාන්තශාලා වල කටයුතු අඩාල වීම මීට හේතුව වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. චීනයේ නිශ්පාදන ක්‍රියාවලියේ බිඳ වැටීම ලෝක ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව එමගින් වාර්තා කරයි.
චීනයේ නගර රැසක් නිරෝධායනයට ලක් කිරීම හේතුවෙන් රථවාහන ධාවනය, කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම ඇතුළු මිනිස් ක්‍රියාකාකරම් අවම වීමෙන් වායු දූෂණය අඩුවී ඇති බව නාසා ආයතනය චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කරමින් සිදු කළ පරික්ෂණයකදී පෙනී ගොස් තිබුණි. චීනය සමස්ත ලෝක නිෂ්පාදනයෙන් තුනෙන් එකකට හිමිකම් කියන අතර ලෝකයේ විශාලතම අපනයනකරුවායි.