ටෝකියෝ මැරතන් තරඟය පාළු ස්වභාවයකින් හිස් වීදිවල පැවැත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – නව කොරෝනා වෛරසය ව්‍යප්ත වීම හේතුවෙන් සුප්‍රකට ටෝකියෝ මැරතන් තරඟය ඉතා සුළු තරඟකරුවන් සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන්, නරඹන්නන් හෝ සුබ පතන්නන් ගෙන් තොර හිස් වීදීයක දී අවසන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සංවිධායකයින් පවසන්නේ ධාවකයින් 38,000 කගේ සහභාගිත්වය අවලංගු කළ බවයි. එසේම ස්වෙඡා සේවකයින් හා නරඹන්නන් ද අඩු කිරීමට ඔවුහු කටයුතු කර තිබිණි.

මැරතන් තරඟය සඳහා සහභාගිවූවන් සහ සේවක මණ්ඩලය සඳහා මුව ආවරණ සහ විෂබීජ නාෂක දියර සපයා ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *