පාප්වහන්සේ අසනීපයෙන්

(කොළඹ, ලංකාපුවත්) – සෙම්ප්‍රතිශ්‍යාවක් නිසා දකුණු රෝමයේදී පැවැත්වීමට නියමිතව තිබූ දින හයක ආගමික වැඩසටහන අවලංගු කරන බව ෆ්‍රැන්සිස් පාප්වහන්සේ නිවේදනය කරති.

අවාසනාට මේ වසරේදී ඊට සහභාගී විය නොහැකි බවත් තමන් සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන බවත් 83 වන වියේ පසුවන පාප්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරති.

ෆ්රැන්සිස් පාප්වහන්සේ සෑම ඉරිදාවකම බැතිමතුන් වෙනුවෙන් ආශීර්වාද කරන අතර එහිදී තමන් තරමක අසනීප තත්ත්වයෙන් පසුවන්නේ යැයි කීහ. එතුමා අවස්ථා කිහිපයකදීම කහිමින් කතා කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *