COVID-19 : චීනයේ සුව වන සංඛ්‍යාව ඉහළ යද්දී චීනයෙන් පිටත රෝග ව්‍යාප්තිය වැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ සුවය ලබන COVID-19 රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින නමුත් චීනයෙන් පිටත මිය යන රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතී.

ගෙවී ගිය ඉරිදා දිනයේ දී චීනයෙන් නව රෝගීන් වාර්තා වී නොමැති අතර හුබෙයි පළාතේ 42 දෙනකු මියගිය බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි. ඉරිදා දිනයේදී ‍සුවය ලැබූ රෝගීහූ 2837 දෙනෙක් රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් ඒ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 44462ක් බවත් ඔවුහු පවසති. ඒ අනුව චීනයෙන් වාර්තා වූ COVID-19 ආසාදිත සංඛ්‍යාව 80026ක් වන අතර මියගිය සංඛ්‍යාව 2912 කි.

මේ අතර මාර්තු 01 වැනි දා වන විට චීනයෙන් පිටත රටවල් 60ක් තුළ වෛරසය ආසාදිත වීමෙන් මියගිය සංඛ්‍යාව 104කි. පසුගිය 29 වන දින නිකුත් කෙරුණු වාර්තාවට අනුව,චීනයෙන් පිටත කොරොනා‍ වෛරසය ශරීර ගතවූ ‍නව රෝගීන් 1160 දෙනෙක් වූ අතර එම වෛරස් ආසාදිතයින් 7169 දෙනෙකු වාර්තා වී තිබිණ.

අසර්බයිජානය, ඉක්වදෝරය, අයර්ලන්තය, මොනාකෝ, කටාර් රජයෙන් ද ප්‍රථමවරට කොරෝනා වෛරසය ආසාදනය වූවන් පිළිබඳ වාර්තා විය. එසේම COVID-19 ආසාදනයෙන් දින දෙකක් තුළ අමෙරිකාවේ වොෂිංටනයෙන් දෙවැනි මරණය ද වාර්තා වී තිබේ. ඉරානයෙන් නව රෝගීන් 54 දෙනකු හඳුනාගෙන ඇති අතර තවත් මරණ 11 ක් වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *