කොරෝනා වැළඳුණු පළමු ලාංකිකයා ඉතාලියෙන්

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් වාර්තා වේ.

46 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

ඇය මේ වන විට ඉතාලියේ බ්‍රේෂියා(Brascia) ප්‍රදේශයේ පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වේ.

කෙසේ නමුත් ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *