රටවල් කිහිපයකින් දිවයිනට පැමිණෙන මගීන් දින14ක නිරෝධායනයකට

(කොළඹ, ලංකාපුවත්) – දකුණු කොරියාවෙන්, ඉතාලියෙන් හා ඉරානයෙන් පැමිණෙන මගීන් සියලු දෙනා දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට රජය පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද(03) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළේය.

ශ්‍රී ලාංකීකයින් හා විදේශිකයින් යන දෙපාර්ශවයම මෙම කටයුත්තට යොදා ගනු ඇත.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය ඔස්සේ තානාපති කාර්යාල හා රටවල් දැනුවත් කර මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන්නන් දැනුවත් කිරීමට බලාපොරොත්තුවේ. ඒ හරහා ඉදිරියේ දී එම කටයුත්ත සිදු කරනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *