තැපැල් ඡන්ද ඉල්ලුම්පත් භාර ගැනීම ලබන සඳුදා සිට

(කොළඹ, ලංකාපුවත්) – 2020 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම් පත් භාර ගැනීම ලබන සඳුදා (09) සිට ආරම්භ කිරිමට කටයුතු යොදා තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පවසයි.

16 වනදා තෙක් ඒ සඳහා කාලය ලබා දි තිබේ.

මහ මැතිවරණයට අදාල ගැසට් නිවේදන හතරක් නිකුත් කළ බවද මහින්ද දේශපි‍්‍රය මහතා ප‍්‍රකාශ කළේය.

ඡන්ද ලකුණ සහ තේරිම් භාර නිලධාරින් සම්බන්ධ ගැසට් නිවේදනය ද ඒ අතර වන බව සභාපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + eleven =