රැකියාලාභී උපාධිධාරීන්ට මාස දෙකක නායකත්ව පුහුණුවක්

(කොළඹ, ලංකාපුවත්) – රැකියාලාභී උපාධිධාරීන්ට මාස දෙකක නායකත්ව පුහුණුවක් ලබාදීමට කටයුතු සම්පාදනය කර තිබේ.

උපාධිධාරීන් 45,585දෙනෙකුට පත්වීම් ලිපි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.

පත්වීම් ලබන උපාධිධාරීන් තමන්ට අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පත්වීම් භාරගත් බවට වාර්තා කළ යුතුය. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල ඇති ග්‍රාමීය සේවා ස්ථාන හෝ නාගරික දුෂ්කර සේවා ස්ථාන වෙත යොමු කරන පත්වීම් ලැබූ උපාධිධාරීන් වසරක පුහුණු කාලයකට ලක් කෙරෙනු ඇත.

පළමු කණ්ඩායම සදහා තෝරාගත් ප්‍රදේශවල මාස දෙකක නායකත්ව පුහුණු කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ. දෙවන කණ්ඩායම අදාළ සේවා ස්ථානය තුලදී රාජකාරී කටයුතු පිලිබද හා සේවා ස්ථානය පිලිබද මාස දෙකක අධ්‍යයනයක නිතර වෙමින් එම ස්ථාන දියුණු කිරීම සදහා ව්‍යාපෘති වාර්තාව සකස් කළ යුතුයි. පළමු කණ්ඩායමේ නායකත්ව පුහුණුව නිම කිරීමත් සමග ඔවුන් සේවා ස්ථාන කරා යොමු කිරීමටයි සැළසුම් කර තිබේ. ව්‍යාපෘති වාර්තාව සම්පූර්ණ කළ දෙවන කණ්ඩායම නායකත්ව පුහුණුව සදහා යොමු කෙරෙනු ඇත.

2021 වසරේ මාර්තු 01 වනදා සිට සියලු අභ්‍යාසලාභීන්ට ස්ථිර පත්වීම් ලබා දෙන බව රජය නිවේදනය කර ඇත. සෑම අභ්‍යාසලාභියෙකුම තම සේවා ස්ථානයට ආසන්න ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීම බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ගිණුමක් විවෘත කර එම විස්තර ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලබාදිය යුතුය.

පුහුණුවීම් කාලය තුළ මාසිකව රුපියල් 20000 ක මුදලක් එම ගිණුමට බැර කෙරෙනු ඇත. සියලු අභ්‍යාස ලාභීන් සේවා මධ්‍යස්ථානයේ දැනට සේවය කරන්නන්ගේ හා අවට ප්‍රදේශයේ ප්‍රජාවගේ අදහස් සැලකිල්ලට ගිනිමින් සිය සේවා කටයුතුවල නිරත විය යුතු බව රජය අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *