බන්ධනාගාර රැදවියන්ගේ චිත්‍ර ප්‍රදර්ශණය අදත්

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා විසීරී ඇති බන්ධනාගාර 30ක් තුල රඳවා සිටින රැඳවියන් අතරින් ස්වකීය දක්ෂතාවයන් සඟවා සිටි පිරිසක් හඳුනාගෙන ඔවුන් වඩාත් දක්ෂ නිර්මාණ කරුවන් බවට පත් කිරීමේ අරමුණින් රැදවියන්ගේ නිර්මාණාත්මක කුසලතා ඇගයෙන චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වේ.

මාර්තු මස 02වනදා ඇරඹි එය ඊයේ(03) හා අද(04) යන දිනයන්හි කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වෙනු ඇත.

එහි දෙවන දිනය වන ඊයේ (03) අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *