ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලිය ශ්‍රී ලංකාවේ දී

(කොළඹ, ලංකාපුවත්) – ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බව කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී ඊයේ (03) නිවේදනය කළේය.

ඒ අනුව වෝග් ජුවෙලර්ස්, කිංග්ස්බරි හෝටලය සහ ජීෆ්ලොක් යන සමාගම්වල ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් මේ වසරේ නොවැම්බර් 12 වැනිදා සිට 21 වැනිදා දක්වා ‘ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලිය’ කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

‘ලෝක විවාහක රූ රැජින – ශ්‍රී ලංකා’හි ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ සහ ‘ද කලම්බු ලයිෆ්ස්ටයිල්’ සමාගම ‘ලෝක විවාහක රූ රැජින 2021’ තරගාවලියේ සම සංවිධායකත්ය හොබවති.

‘ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලිය’ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව නිල වශයෙන් නිවේදනය කළේ වසර 35කට පසු ‘ලෝක විවාහක රූ රැජින’ කිරුළ ශ්‍රී ලංකාවට දිනා දුන් කැරෝලයින් ජූරිය.

ඉකුත් වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවැති ලෝක විවාහක රූ රැජින 2020 තරගාවලියේදී කිරුළු පැළැඳීමට සමත් වූවාය.

ඒ බව නිවේදනය කිරීමේ අවස්ථාවට ‘ලෝක විවාහක රූ රැජින 2018 තරගාවලියේ’ කිරුළ දිනූ ඇලිස් ජී ජෙනාටා ද එක්ව සිටියාය.

‘ලෝක විවාහක රූ රැජින’ සංවිධානය නියෝජනය කරමින් ඇය මෙම අවස්ථාවට එක්ව සිටියාය.

1984 වසරේදී කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පළමු වරට ලෝක විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට දිනා දීමට සමත්වූවාය.

ලෝක විවාහක රූ රැජින තරගාවලියක් පැවැත්වුණු පළමු අවස්ථාව එය වූ අතර ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ්හිදී එම තරාගවලිය පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *