ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ජාතික සැමරුම් උත්සවය රත්නපුර දී

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර කාන්තා දිනය හෙට (08) දින සමරනු ලබයි. මේ නිමිත්තෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය ‘ඇය දිරිමත් රට සවිමත් ‘ තේමාව යටතේ රත්නපුර නගර ශාලාවේදී අභිමානවත් ලෙස සැමරීමට කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

හෙට (08) උදේ 9.00 ට රත්නපුර නගර ශාලාවේදී පැවැත්වෙන මෙම ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වන්නේසෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා ,කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියයි.

ජාත්‍යන්තර කාන්තා දින ,ජාතික සැමරුම් උත්සවයට සමගාමීව අද(07) සහ හෙට(08) දිනයන්හිදී ,රත්නපුර සීවලී ක්‍රීඩාංගනය අසල ලොරි රථගාල භුමීයේදී ,ව්‍යවසායක කාන්තාවන් ගේ නිෂ්පාදන ඇතුලත්අලෙවි කුටි 100 කින් සමන්විත වෙළෙඳ ප්‍රදර්ශනයක් හා අලෙවි පොළක් ද,සුවනාරි සායනයක්ද පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 6 =