පස් කන්දකට යට වී අයෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – මහවෙල පොලිස් වසමේ ඒ 09 ප්‍රධාන මාර්ගයේ මඩවල උල්පත ප්‍රදේශයේ දී පස් කන්දකට යට වී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ජල ව්‍යාපෘතියක් සඳහා වතුර බට දැමීමට කානුවක් කපමින් සිටි පුද්ගලයෙක් ඊයේ(05) උදෑසන 10.30 ට පමණ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

බරපතළ තුවාල ලැබු පුද්ගලයා මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 59 ක් වූ කුඩාගම, ඇළහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මහවෙල පොලීසිය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *