කොරෝනා නිසා සංචාරක ක්ෂේත්‍රයට වූ බලපෑමෙන් මිදීමට නව වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා සංචාරක මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් වැඩපිළිවෙළක් සකස් කෙරේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හෝටල් සංගමයේ සාමාජිකයන් අතර පැවති සාකච්ජාවක දී මේ බව තීරණය කෙරිණ.

අග්‍රාමාත්‍යවරයා හා සංචාරක හෝටල් සංගමය අතර සාකච්ජාව ඊයේ (05) කොළඹ අරලියගහ මන්දිරයේ දී සිදු විය. ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට බලපා ඇති ගැටලු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය. ඉදිරියේ දී සංචාරක ක්ෂේත්‍රයෙන් රුපියල් බිලියන 10ක ආදායමක් අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

සංචාරක ක්ෂේත්‍රය හා හෝටල් සඳහා ලබාදී ඇති මූල්‍යමය සහන සම්බන්ධයෙන් ද සාකච්ජා කෙරිණ.

ඉදිරියේ දී සංචාරකයින් ලක්ෂ 70ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂිතය. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රවර්ධන නැංවීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. මෙරට සංස්කෘතික උත්සව සඳහා සංචාරක ආකර්ශණය දිනාගැනීම ද සාකච්ජාවට ලක්වූ තවත් කරුණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *