පොහොට්ටුවේ රැලිවලට සහභාගි වෙනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කරන දේශපාලන රැලිවලට තමා සහභාගී වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

තමා ජනාධිපතිවරයා ලෙස පත් වුණේ පොදුජන පෙරමුණ නිසා බව පැවසූ රාජපක්ෂ මහතා තමා එහි සාමාජිකයකු බවත් අවධාරණය කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේ පුවත්පත් ප්‍රධාන කර්තෘවරුන් සහ ප්‍රවෘත්ති කර්තෘවරුන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (05) පැවැති ජනමාධ්‍ය හමුවේ දී නැගුණු ප්‍රශ්නයක පිළිතුරු වශයෙනි.

ජනාධිපතිවරණයේ දී තමා ජනතාව හමුවේ තැබූ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට එම ප්‍රතිපත්තිවලට ගැලපෙන ආකාරයේ ආණ්ඩුවක් අවශ්‍ය බවත් තම ප්‍රතිපත්තිවලට සමාන ප්‍රතිපත්ති ඇත්තේ පොදුජන පෙරමුණ තුළ පමණක් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *