ඉතාලිය පුරා හදිසි තත්ත්වයක්

(කොළඹ, ලංකාපුවත්) –ඉතාලිය සංචාරක සීමා කිරීම් සහ ජනතාව ඒකරාශිවීම් ඇතුළු රටපුරා ක්‍රියාත්මක හදිසි තත්ත්වය කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඉතාලිය තවදුරටත් දීර්ඝ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට අමතරව රට අභ්‍යන්තර ගමනා ගමනයද සීමා කර ඇතැයි සදහන් වේ. කිසිදු දේශ සීමාවකින් රටට ඇතුල්වීම හා පිටවීම කළ නොහැකි අතර සියලු ගුවන් ගමන් නවතා දමා ඇත. පොදු ස්ථාන වල ගැවසීම තහනම් කොට ඇති අතර සියලු සංචාරක ස්ථානද වසා දමා ඇත.

මේ වන විට ඉතාලියේ කොවිඩ් වෛරසයට ගොදුරු වූ ගණන ලෙස 9100ක අගයක් වාර්ථා වන අතර 500ට ආසන්න පිරිසක් මරමුවට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 2 =