මීගමුවේ හෝටල් සේවකයෙක් ගැටුමකින් මරුට

(කොළඹ, ලංකාපුවත්) –මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණි පිරිසක් අතර ඇති වු ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට පත්ව ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරන ලද ඊයේ(09) රාත්‍රී 9.30ට පමණ පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණි 6 දෙනෙකුගෙන් යුත් පිරිසක් විසින් එම හෝටලය තුළ දී මත්පැන් පානය කිරීමට උත්සහ කිරීමේ දී හෝටල් හිමිකරු සහ සේවකයින් එයට විරුද්ධ වී ඇති බවය.

පසුව එම පිරිස හෝටල් හිමිකරු හා සේවකයින් සමඟ ආරවුලක් ඇතිව තිබේ.

ආරවුල අතරතුර එම පිරිස විසින් හෝටල් හිමිකරුට හා සේවකයින්ට තියුණු ආයුධයකින් පහර දී පලා ගොස් ඇත.

පහර කෑමට ලක්වු හෝටලයේ හිමිකරු ඇතුළු සිව් දෙනෙක් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී එක් සේවකයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 36 ක් වු ගනේවැල්පොල, කැකිරාව ලිපිනයේ පදිංචිකරුවෙකි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *