(කොළඹ, ලංකාපුවත්) –තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රවී කරුණනායක මහතා සිය නීතිඥයන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක , අර්ජුන් ඇලෝසියස් ඇතුළු 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබීය.
රවී කරුණානායක මහතාව අත්අඩංගුවට ගැනීමට පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් පිරිසක් ඔහුගේ නිවස පවා සෝදිසියට ලක්කළ අතර , වරෙන්තු නිකුත් කර මේ වන විට දින තුනක් ඉක්මවා ගියද ඔහුව මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවී නොමැත.
රවි කරුණානායක මහතා සිය පෙත්සමෙන් සඳහන් කර සිටින්නේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවයි.
එබැවින් මෙම නඩු කෘතියට අදාළව පොලීසිය විසින් ගොනුකර තිබෙන බී වාර්තාව සහ ඒ මත පදනම්ව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ වරෙන්තුව බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද රවි කරුණානායක මහතා අධිකරණයෙන් ඉල්ලා තිබේ.