අද කාලගුණය මෙහෙමයි

(කොළඹ, ලංකාපුවත්) –සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද(10) ප.ව. 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවති.

බස්නාහිර, වයඹ, සබරගමුව සහ දකුණු පළාත්වලට මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කය සදහා වැඩි අවදානයක් යොමු කළ යුතු උණුසුම් කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය අංශ සිදු කර ඇති පූර්ව දැනුවත් කිරීම් අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර අධික වෙහෙසකාරී කටයුතුවලින් වැලකී සිටිය යුතු වේ.

වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් පිළිබඳවලද අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *