ද.කොරියාවේ සහ ඉතාලියේ සිට පැමිණි 181ක් නිරෝධායනයට

(කොළඹ, ලංකාපුවත්) –දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට අද අලුයම මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු සහ විදේශීකයන් දෙදෙනෙකු නිරෝධායනයට යොමු කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවති.

මෙම පිරිස මඩකලපුවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ස්ථාපනය කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

දකුණු කොරියාව , ඉරානය සහ ඉතාලිය යන රටවලින් මෙරටට පැමිණෙන පුද්ගලයන් අනිවාර්ය නිරෝධායනයකට ලක් කෙරේ. ඒ අනුව ඔවුන් දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කෙරෙනු ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලා සිටින්නේ වෙනත් රටවලින් මෙරටට පැමිණෙන පිරිසටද දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයකට ලක් වන ලෙසය. ඒ අනුව දින 14 ක කාලයක් සිය නිවෙස්වලට වී සිටින ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *