ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට

(කොළඹ, ලංකාපුවත්) – ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල දැනට සති කිහිපයක සිට අඩුවෙමින් පවතින බවත් ඒහි වාසිය ජනතාවට ලබාදීමට පියවර ගන්නා බවත් ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පැවැතීම හේතුවෙන් මේ වනවිට ඉන්ධන මිල ලෝක වෙළෙඳ පොළෙහි ක්‍රමානුකුලව පහත යමින් පවතී.

මෙම කාරණය සැළකිල්ලට ගනිමින් මෙම සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙරට ඉන්ධන මිල සංශෝධනයක් සිදු කිරීම හා ලෝක ඉන්ධන මිල පහළ යාමේ වාසිය මෙරට ජනතාවට ලබාදීමේ අරමුණින් ඒ් සම්බන්ධව කරුණු අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කිරීමට විදුලි බල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *