හිටපු ඇමති රවීගේ පෙත්සම සලකා බැලීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

(කොළඹ, ලංකාපුවත්) –හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.

අදාළ පෙත්සම් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

මෙම පෙත්සම් අද(11) අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ඉදිරියේ කැඳවනු ලදි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා විසින් එම ඉල්ලීම ඉදිරිපත් කළේය.

මෙය දැඩි මහජන අවධානයට පාත්‍ර වන නඩු කටයුත්තක් බැවින් එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීම සුදුසු බව මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *