(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලාංකේය විද්‍යාර්ථයන් විසින් නිර්මාණය කරන ලද නව තාක්ෂණික හා අධ්‍යාපනික නිපැයුම් එළි දක්වන “INNOTECH – 2020 තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ නවෝත්පාදන හා තොරතුරු හා ජනමාධ්‍යය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් අද (11) පෙරවරුවේ හෝමාගම පිටිපන අධිතාක්ෂණ හා තාක්ෂණ නගර කලාපයේ දී විවෘත කෙරිණි.
අද සිට මාර්තු මස 14 වන දින දක්වා පුරා දින 04 ක් මුළුල්ලේ පෙ.ව.9.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය උසස් අධ්‍යාපන, තාක්ෂණ නවෝත්පාදන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලදී.
ශ්‍රී ලංකාවේ පාසැල්, පර්යේෂණ ආයතන, හා විශ්වවිද්‍යාල විද්‍යාර්ථියන් විසින් සිදුකරනු ලබන පර්යේෂණ පිළිබඳව හා නව සොයාගැනීම් පිළිබඳව ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.
වසර 2025 වන විට ශ්‍රී ලංකාවේ තාක්ෂණ විෂයයන් හදාරණ සිසුන් පිරිස 75% දක්වා වැඩි කිරීමට උසස් අධ්‍යාපන හා තාක්ෂණ නවෝත්පාදන අමාත්‍යාංශය අපේක්ෂා කරන අතර ඒ පිළිබඳව පාසැල් සිසුන් හා දෙමව්පියන් දැනුවත් කිරීමත්, පාසැල් සිසුන් සහ විශ්වවිද්‍යාල වල විද්‍යාර්ථියන් අතර තාක්ෂණවේදය ප්‍රචලිත කිරීමත් මෙමඟින් අපේක්ෂා කෙරේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ශ්‍රී ලංකාවේ ප්‍රථම තාක්ෂණික පීඨය විවෘත කිරීමට සමගාමීව පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ ප්‍රවේශ ගාස්තුවකින් තොරව නැරඹීමට මහජනතාවට අවකාශ ලබා දී ඇත.