කොරෝනා බවට සැක දෙදෙනෙක් IDH වෙත මාරු කරයි

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් දෙදෙනෙකු පොළොන්නරුව මහ රෝහලේ සිට අයිඩීඑච් රෝහල වෙත යොමු කළ බව පොළොන්නරුව රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

ඉන් එක් අයෙකු සෝමාවතිය වන්දනාවේ ගිය පුද්ගලයෙකු බවට හදුනා ගෙන ඇත. හෝමාගම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය හය වනදා ඉතාලියේ සිට මෙරටට පැමිණි අයෙකි.

අනෙක් පුද්ගලයා පසුගිය 11 වනදා ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇති බව සදහන්ය. ඔහු කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කරමින් සිටි අයෙකු බව වාර්තා වේ. 43 හැවිරිදි ඔහු කඩවත ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + one =