“කොවිඩ් 19″ගෝලීය වසංගත තත්වයෙක් ලෙස ප්‍රකාශ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීය වසංගත තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් වසංගත තත්වය ප්‍රකාශයට පත්කිරීමේ දී කියා සිටියේ චීනයෙන් පිටත වෛරස් ව්‍යාප්තිය සති දෙකක් තුළ දහතුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි. ලොව පුරා රටවල් ගණනාවක යම්කිසි රෝග තත්වයක් එකවර දරුණු ලෙස පැතිර යාමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගත තත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

මේ වන විට ඉන් වැඩිම බලපෑමට ලක්ව ඇති ඉතාලියේ ආසාදිත පිරිස 12,000 ඉක්මන අතර මියගිය සංඛ්‍යාව 827ක්. ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ කියා සිටියේ අවන්හල්, පාසල් හා අත්‍යවශ්‍ය නොවන සමාගම් ඇතුලු සියලුම ස්ථාන වසා දැමීමට කටයුතු කරන බවයි.

ඒ අනුව එරට ආහාර අලෙවිසැල් හා ඖෂධහල් හැර අනෙකුත් සියලුම කඩ සාප්පු ද වසා දැමීමට කටයුතු කර ඇත.

ලොව පුරා 126,000කට අධික වෛරස් ආසාධිතයින් හඳුනාගෙන ඇති අතර මියගිය සංඛ්‍යාව 4,600කට අධිකයි. කෙසේ වෙතත් රටවල් 124ක පමණ ව්‍යාප්තව ඇති වෛරසයෙන් සුවය ලැබූ පිරිස 68,000 ඉක්මවයි.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය වාර්තා වන නවතම රටවල් ලෙස, හොන්ඩුරාස්,බොලීවියා සහ තුර්කිය සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *