ජාතික වගකීමක් සේ සළසා COVID-19 ව්‍යාප්තිය පාලනයට සහය වන්නැයි ජනපති ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – ජාතික වගකීමක් සේ සළසා කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහාය වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නිරෝධායනය ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශිකයන්ටද අනිවාර්ය කර තිබේ. එමෙන්ම on arrival වීසා පහසුකම තාවකාලිකව නතර කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ක්ෂේත්‍ර රැසක විශේෂඥයන් සහ ප්‍රවීණයන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම තීරණ ගැනුණි.

විදේශිකයන් වෙත ලබා දුන් on arrival විසා පහසුකම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි යන මහත්මීය ඇතුළු පිරිසක් සාකච්ඡාවට සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *