අප්‍රේල් 20 තෙක් දිවයිනේ සියලු පාසල් වැසේ

(කොළඹ, ලංකාපුවත්) – පළමු වාරයේ පාසල් නිවාඩුව හෙට(13) ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඒ කොරෝනා වෛරසයේ අවදානම හේතුවෙනි

විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. පාසල් නැවත ආරම්භ කෙරෙන්නේ අප්‍රේල් 20 වනදාය.

පුද්ගලික පංති පවත් වන ආයතන සහ පුද්ගලික පාසල්වලින් මේ පිළිබඳ සංවේදී ලෙස සිතන ලෙස ඉල්ලීමක් කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එහිදී සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *