තවත් අයෙකුට කොරෝනා ආසාදිත බවට තහවුරු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැළදී ඇති බවට තවත් පුද්ගලයෙකුට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරයි.

කොරෝනා වෛරසය ආසාදනය වී දැනට අයි.ඩී .එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයා සමඟ නවාතැන්ගෙන සිටි තවත් අයෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරයි.

වෛරසය ආසාදනය වී ඇති බවට මෙලෙස තහවුරු කර ගෙන ඇත්තේ වයස අවුරුදු 44ක පුද්ගලයෙකුටය. ඔහු මේවන විට අයි.ඩී .එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *