[UPDATE] දිවයිනේ සියලු පෙර පාසල්වලටත් නිවාඩු

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරස් අවධානම හේතුවෙන් අද (13) සිට දිවයිනේ සියළුම පෙර පාසල් වසා තැබෙන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

විෂය භාර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි පෙර පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සියළුම පළාත් ප්‍රධාන ලේකම්වරුන් දැනුවත් කර ඇති අතර, පෙර පාසල් නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බව එහි සඳහන්වේ.

බස්නාහිර සියලු පෙරපාසල් වසාදැමේ

(කොළඹ, ලංකාපුවත්) – බස්නාහිර පළාතේ සියලුම පෙරපාසල් තාවකාලිකව වසා දැමීමට එම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කරයි.

පෙර පාසල් නිවාඩු ලබාදීම සහ නැවත ආරම්භ කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් රජයේ පාසල් සදහා නිකුත් කරනු ලබන නියෝගවලට අදාළව සිදුකරන ලෙස උපදෙස් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *