විදෙස් රටවලට ශ්‍රමිකයින් යැවීමට අනුමැතිය ලබා නොදීමට තීරණය වෙයි

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා හෙවත් කොවිඩ් – 19 වෛරසය සැලකිය යුතු මට්ටමට පාලනය වන තුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා අනුමැතිය ලබා නොදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කරයි.

නිපුණතා සංවර්ධන රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යවරයාගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, සභාපතිතුමා ඇතුළු කළමණාකාරීත්වයේ සහ බලපත්‍රලාභී විදේශ රැකියා ආයතන නියෝජනය කරන සංවිධාන වල සහභාගීත්වයෙන් අද(13) පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹ ඇත.

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයට එරෙහි ආරක්ෂිත පියවරක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි තත්වයක් ප්‍රකාශය‍ට පත් කරමින් කල අවධාරනය සැලකිල්ලට ගනිමින්, එම තත්වය සැලකිය යුතු මට්ටමකට පාලනය වන තුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා අනුමැතිය ලබා නොදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබේ. මෙම තීරණය ගණු ලැබූයේ ශ්‍රී ලංකාව තුල සිදු කරනු ලබන නිරෝධායන ක්‍රියාවලියට සහයෝගය ලබා දීම සඳහා කාර්යාංශය විසින් විගමණික ප්‍රජාවගේ දේශිය හා විදේශිය සංචරන තත්වයන් සීමා කිරීම සිදු කල යුතු බැවිනි.

එසේම, කොරෝනා වෛරසය ව්‍යාප්ත ව ඇති ඇතැම් රටවල් විසින් එම රටවල් වලට ඇතුළු වීම සීමා කිරීමට ගෙන ඇති තීරණය‍ට සහයෝගය දීමක් වශයෙන්ද මෙම තීරණ වලට එළැඹුණු බව වැඩිදුරටත් විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + nine =