කොරෝනා නිසා ඉන්දියාවේ පළමු මරණය වාර්තා වෙයි

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා හෙවත් කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් ඉන්දියාවේ පළමු මරණය වාර්තා වී ඇත.

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස ඊයේ(12) රාත්‍රියේ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මීට දින දෙකකට පෙර එම පුද්ගලයාට වෛරසය වැළ දී ඇති බවට තහවුරු වී ඇත.

මේ වන විට ඉන්දියාවේ පුද්ගලයින් 74 දෙනෙකුට වෛරසය අසාධනයට ලක්වී තිබෙන අතර ඉන් සුවය ලබා ඇත්තේ සිව්දෙනෙකු පමණි.

මේ අතර නේපාල රජය එවරස්ට් කන්ද තරණය කිරීම නතරකර තිබේ. මේ මස 14වනදා සිට අප්‍රේල් 30 දක්වා සියලු කදුනැගීමේ බලපත්‍ර අවලංගු කරන බව නේපාල රජය නිවේදනය කළේය. සෑම වසරකම එවරස්ට් කදු නැගීමේ බලපත්‍ර නිකුත් කිරීමෙන් නේපාලය ඩොලර් මිලියන 04ක් උපයනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *