යුද හමුදාපතිගෙන් ජනතාවට දැනුම්දීමක්

(කොළඹ, ලංකාපුවත්) –වෙළඳසැල් වෙත ගොස් අනවශ්‍ය ලෙස භාණ්ඩ එක් රැස් කර තබාගැනීමෙන් වළකින්නැයි වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙයි.

මෙලෙස අසීමිත අයුරින් භාණ්ඩ මිළදී ගැනීමෙන් රට තුළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිගයක් ඇතිවන බවට ජනතාව අතර මතයක් නිර්මාණය විය හැකි බව විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පෙන්වා දුන්නේය.

සමාජ මාධ්‍ය ජාල හරහා අසත්‍ය තොරතුරු පැතිර යන බවත් විශේෂයෙන් ජනතාව නිවෙස් තුළ තබා හදිසි දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට සූදානම්වන බවට අසත්‍ය තොරතුරක් පැතිරයන බවද ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කළේය.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් පැතිරයන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙවැනි අවස්ථාවක රටේ සියලු ජනතාව ජාතික වගකීමෙන් කටයුතු කළ යුතු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *