රටවල් තුනක සිට ශ්‍රී ලංකාවට ඇතුල්වීම තහනම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන සියලු මගීන් දින 14 ක කාලයක් සඳහා රටට ඇතුලත් කර නොගැනීමට රජය තීරණය කර තිබේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා මෙම පියවර ගත් බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසීය.

දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණීමට නියමිත අවසන් ගුවන් යානය හෙට(14) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

කෙසේ වුවත් මෙම තහනම අද(13) සිට ක්‍රියාත්මක බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *