ශ්‍රී ලාංකිකයෙකුට ඉන්දීය අධිකරණයකින් වසර 05ක සිර දඬුවම්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අධිකරණයක් විසින් ශ්‍රී ලාංකිකයෙකුට වසර 05 ක සිර දඩුවමක් නියම කර තිබේ.

ඒ , පාකිස්ථානය වෙනුවෙන් ඔත්තු රැස් කල බවට එල්ල වූ චෝදනා හේතුවෙනි.

අරුන් සෙල්වරාජන් නම් මෙම තැනැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු පවා නිකුත් කර තිබී ඇති අතර , ඉන්දියාව තුළ ත්‍රස්ත ක්‍රියාවක් සැලසුම් කල බවට මොහුට එරෙහිව චෝදනා ගොනුකර ති‍බේ.

මීට අමතරව ඔහුට ඉන්දීය රුපියල් 20,000 ක දඩයක්ද පනවා ඇති බව වාර්තා වේ.

චෙන්නායි හි විශේෂ ජාතික විමර්ශන ඒජන්සි (NIA) අධිකරණය විසින් පසුගිය සිකුරාදා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ බව IANS ප්‍රවෘත්ති සේවය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *