කොරෝනා පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා සභාපති ජගත් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත හා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ සංවිධානයෙන් ගුවන්විදුලිසංස්ථා සභා ශාලාවේදී පසුගියදා (13) පැවැත්විණි.

එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය නියෝජනය කරන සියලු ගුවන්විදුලි සහ රූපවාහිනි මාධ්‍ය ආයතන ප්‍රධානින් සහභාගි විය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් කොරෝනා ඇත්ත සහ බොරුව යනුවෙන් විශේෂ ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම් සජීවී වැඩසටහනක් ඉරිදා(15) පෙ.ව 10.00 සිට 11.30 දක්වා සියලුම ගුවන්විදුලි සහ රූපවාහිනි නාලිකාවල විසුරවා හරින ලදි.

මෙවැනි වසංගත තත්වයක් උත්සන්න වන අවස්ථාවේ එය මැඩපැවැත්වීමට ජාතික මෙහෙවරක් සේ සළකා සියලු ගුවන්විදුලි සහ රූපවාහිනි මාධ්‍ය සාමූහික වගකීමකින් එක්ව “කොරෝනා – ඇත්ත සහ බොරුව” නමින් කොරෝනා මර්ධන වැඩසටහනක් දියත් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීම සන්නිවේදනයේ මහගෙදර වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව රාජ්‍ය මාධ්‍යයේ වගකීම නිසි ලෙස ඉටුකිරීමක් ලෙස කිව හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *