වැසි තත්වයේ තරමක වැඩිවීමක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ දකුණු අර්ධයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද(16) සිට ඉදිරි දින කිහිපයේ සවස් කාලයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු-මැද පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැක. සබරගමුව පළාතෙත් කළුතර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.50 වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශයේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *